විවේකයෙන් ගත කල දින කීපය සිතාගන්නටත් නොහැකි වේගයකින් ගෙවී ගියේ විශ්ව විද්‍යාලයේ ප්‍රථම අධ්‍යයන වාරය අරඹමිනි. එතෙක් සැහැල්ලුවෙන් ගෙවුණු දින චර්යාව හදිස්සියෙන්ම මෙන් කලබලකාරීත්වකින් පිරී ගියේය. අලුත් පොත් පත්, ඇඳුම් පැළදුම් පමණක් නොව, පීථ පිහිටා ඇති ස්ථාන, අනෙකුත් අධ්‍යයන ක්‍රියා පටිපාටි අදී සියලු දෑහි තිබූ අලුත් බව නිසාම සිතෙහි තිබුනේ අමුතුම වූ නොසන්සුන්කාරිත්වයකි.
පාඨමාලාවේ ප්‍රථම වසර බැවින් සතියේ දින පහෙන් දින හතරකම උදැසන 8.30 සිට සවස 5.00 දක්වා දේශන පැවැත්වේ. දුම්රිය පොලේ සිට විශ්ව විද්‍යාලය තෙක් සැලකිය යුතු දුරක් පයින් යාමට තිබු බැවින් උදැසන 6.30ට පමණ නිවසින් පිටත් වීමට සිදුවිය. දුම්රිය පොලේ වෙනදා දක්නට නොතිබූ අමුතු කලබලකාරීත්වයක් දක්නට ඇත. උදැසන 8.00 තෙක් වන කාල සිමාව තුල මිනිත්තු දහයෙන් දහයට දුම්රියක් ධාවනය වෙයි. නගරයේ වාහන නතර කිරීමට ඇති පහසුකම් අඩු බැවින් බොහෝ දෙනෙක් දුම්රිය පොලෙහි කාරය නතර කොට දුම්රියෙන් නගරයට යයි. ලංකාවේ දුම්රියක තරමට නොවුවද උදැසන ධාවනය වන ඇතැම් දුම්රිය වල ඇති තදබදය දුටු විට සිහි වන්නේ පා පුවරුවේ එල්ලී පාසැල් ගිය පාසල් කාලයේ සුන්දර මතකයන්ය. එක් අතකින් සිතන කල විදුරු මුද්‍රා තැබූ, වසන ලද දොරටු වලින් යුතු මෙල්බනයේ දුම්රිය තුල ලංකාවේ දුම්රියක ගමන් කිරීමෙන් ලැබෙන සුන්දර අද්දැකීමෙන් දශමකදු නැත.
අලුතින් විශ්ව විද්‍යාලයට පැමිණෙන්නන්ගේ පහසුව පිණිස සිටුවා තිබූ පුවරු වල උපකාරයෙන් දේශනා ශාලාව සොයා ගැනීම අපහසුවක් නොවීය. පිටුපසම අසුන්වල හිඳිනවා අත්තේ ඉගෙනීමට උනනදුවන් නැති කරදයකාරයින් වීමට පුළුවනැයි සිතූ මා මුල් පෙළ අසුනක් තෝරා හිඳ ගතිමි. දේශක වරයා අවුරුදු 45 ක පමණ පෙනුමකින් යුතු සුදු ජාතිකයෙකි.කොණ්ඩය උඩට පීරා ඩෙනිම් කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු තුල ලංකාවේ ගුරුවරයකු සතු ඝාම්භිරත්වය දක්නට නොවීය. නංගිගෙන් ලැබුණු විවිධ වර්ණ වල පෑන් වලින් පිරි පෑන් පෙට්ටියද, පෙර දින රාත්‍රියේ නිදි වර්ජිතව වෙන වෙනම නම් කොට පිළියෙළ කල පොත් වලින් පිරි මල්ලද රැගෙන පැමිණියද වාරයේ ප්‍රථම දිනය බැවින් පාඨමාලාව පැහැදිලි කිරීම හැරුණු කොට අමුතුවෙන් කියා කෙරුණු දෙයක් නොවීය.
දේශනය අවසානයේ සිසුන් සෙමෙන් ශාලාවෙන් ඉවතට පැමිණියේය. එම අවස්ථාවේදීම අවසන් වූ තවත් දේශන කීපයක් හේතුවෙන් පිට වීමේ දොරටුව අසල අත්තේ මද කලබලකාරීත්වයකි. සෙමින් සෙමින් ඉවතට පැමිණෙන මා හට දක්නට ලැබුනේ දේශනා ශාලාවෙන් ඉවත රැස් වී සිටින රතු පැහැති කමිස වලින් සැරසුණු සිසුන් සමුහයකි.රතු පැහැති කමිස වල සුදු අකුරින් "STUDENT UNION (ශිෂ්‍ය සංගමය)" ලෙස සටහන් කොට ඇත. 25ක පමණ කණ්ඩායමකින් යුතු වූ මොවුන් සිසුන් හට අමතමින් ඇතැම් සිසුන් ඉවතට ගනු පෙනේ. ඔවුන් අසලම වූ මේසයක් මත විවිධ වර්ණ වලින් මුද්‍රණය කරන ලද දැන්වීම් පත්‍ර මිටි කීපයක් ගොඩ ගසා ඇති අතර දුර වැඩි හෙයින් එහි සටහන් කොට අත්තේ කුමක්දැයි හඳුනා ගැනීමට නොහැක.
සිතේ මඳ චකිතයකින්ද යුතුව සෙමෙන් ශාලාවෙන් ඉවතට පැමිණෙන මා වෙත ඔවුන්ගෙන් එකෙකු වහා පැමිණියේය.
Hi,, Are you a new student? ඔහු අසයි.
හිතේ චකිතය නිසාහෝ බොරු කීමට ඇති අකමැත්ත නිසාහෝ "යේස්" යනුවෙන් පිළිතුරු දුන් මම මඳක් නතර වීමි.
We have a little information session for new students, would you like to join? ඔහු නැවතත් අසයි.
නැත යයි කීමට සිතුනද එයට හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිවක් සිතාගත නොහැක.අකමැත්තෙන් වුවද හිස වනා කැමැත්ත පළකළ මා සෙමින් පිය නැගුවේ මේ වන විටත් රැස් කමින් බලා සිටි අනෙක් නවක සිසුන් සමුහය වෙතය. දැන් මාගේ සිතේ පිරි ඇත්තේ චකිතයකි. ලංකාවේ විශ්ව විද්‍යාල වල නවක වධය ගැන හොඳින් අසා පුරුදු මට ඊළගට සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිඳු අවබෝධයක් නොමැත. තවත් සිසුන් කීප දෙනෙකු එකතු වන තෙක් බලා සිටි ශිෂ්‍ය සංගම් සාමජිකයෝ ඔවුන්ගේ දේශනය ආරම්භ කළහ.
තමන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් බව පවසා කතාව ආරම්භ කළ ඔවුහු විශ්ව විද්‍යාලය තුල ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරන්නට විය. ඔවුන්ට අනුව විශ්ව විද්‍යාලය තුල විවිධ ක්‍රීඩා හා අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීමට ඔවුන් සහය වෙයි. තවද සන්නිවේදන අපහසුතා ඇති අන්තර්ජාතික ශිෂ්‍යයන් හට සහය දැක්වීමට ඔවුන්ගේ වෙනම ඒකකයක් ඇත. සිසුන්ගේ සාහිත්‍ය නිර්මාණ එලි දැක්වීමට ඔවුන්ගේ මුලිකත්වයෙන් පළවන සඟරාවක්ද වෙයි. මේ අතර එක් අයෙකු එතෙක් මේසය මත වූ දැන්වීම් බෙදා දෙන්නට විය. ම හට ලැබුණු පත්‍රිකාවේ ඉහලින් විශාල අකුරින් "UNIVERSITY IDOL - BE THE NEXT STAR" ලෙස සටහන් කොට ඇත.
මෙතෙක් සිතේ තිබු චකිතය පහව ගොස් තිබු බැවින් UNIVERSITY IDOL තරඟයට තරඟකරුවකු ලෙස සහභාගී වන්නටයි ජේෂ්ඨ සිසුවකුගෙන් කෙරුණු දෙවන ඉල්ලීම එක් වරම ප්‍රතික්ෂේප කර දැමුවෙමි.

කාගේ හෝ අත්දැකිමකින් අපේ ජිවිත හසුරුවා ගැනිමට වචනයක් හෝ ඇත්නම් එයයි වැදගත්.ජය ඔබට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුති, මගේ අද්දැකීම ඒ විදියටම ඉදිරිපත් කර ඒ තුලින් අපේ රටේ විශ්ව විද්‍යාල වල පවතින තත්වය ගැන හිතන්න යමක් ඉතිරි කිරීම තමයි අරමුණ උනේ. මා හිතන හැටියට සංවාදයක් ගොඩ නැගීමට වඩා, හදවතට කතා කිරීමට හැකියාවක් ඒ තුල තිබෙනවා.
Deletegreat to hear, compare this with the SL situation, how the newbees are tortured here and how it is justified by many morons - chaminda
ReplyDeleteIt's sad to see how many SL universities have fallen under the dominance of a single political party. Actually the whole idea of the post was to give fellow readers a little encouragement to stand against this.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ ලිපිය ඉවර කලාද? අතර මැද වගේ නේ.. කියන්නා වාගේ හිතන්න යමක් නම් ඉතුරු උනා.. මං ඉස්සෙල්ලාම හිතුවේ අර ජේෂ්ඨ උත්තමයා දිපු උත්රේට මක් කිව්වාද කියලා
ReplyDeleteඅන්තිම හරියට එනකොට කම්මැලි හිතුන. එක වෙන්නැති ලිපිය ටිකක් කෙටි උනේ.
Deleteජේෂ්ඨ උත්තමය කෙල්ලෙක්. මම බැහැ කිව්වම එයා හිනා වෙලා 'කමක් නැහැ' කිව්වා. කොහොමත් ඉතීන් මට සින්දු කියන්න බැහැනේ:D
එහෙ වෙනස් නේ ...
ReplyDeleteIncrease your blog stat using >> RED FEED >>
ReplyDelete