"මචන්, මාර බඩගිනී අද නම් හොඳ ප්ලේස් එකකින් හොඳට කන්න ඕනේ"
මිතුරාගේ යෝජනාවට එක හෙලා එකඟ වුවද අපේ රසට සරිලන ආපන ශාලාවක් නගරයේ නොමැති තරම්ය.
"හොඳ චිකන් කරියකුයි රෝස් පන් ගෙඩි හය හතකුයි තිබ්බනම් මරු නේ!"
රෝස් පාන් මතකයට නැගෙන කළ කටට කෙළ උනයි. පැත්තක් යන්තමින් කරවූ, උණුසුම්, ලංකාවේ රෝස් පාන් ගෙඩියකට සම කල හැකි යමක් මෙල්බනයේ තරු පහේ හෝටලයකින් හෝ සොයාගත් හැකි වේද යන්න සැක සහිතය.
මෙල්බනයේ රෝස් පාන් හා මස් කරි සෙවීම කළුනික සෙවීම හා සමාන වුවද මහන්සි වී සොයනෙකුට ඊට යම් තරමකින් හෝ ආසන්න කෑම වේලක් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක්ද නොවේ. මෙල්බනයේ යම් කලක් ගත කරන්නෙකුට ඉබේම පාහේ නගරය ඉතා සමීප තැනක් බවට පත් වේ. වරක් මිතුරෙකුගෙන් හොඳ බුරියානි වේලක් ලබා ගතහැකි තැනක් විමසූ කල ඔහු මා හට ආපන ශාලා පහළොවක පමණ නම් ලැයිස්තුවක් හා ඒවායේ මිල ගණන් මතකයෙන් කිවේය. ඔහු තරමටම නොවුවද යහමින් නගරය පුරා කරක් ගසා තිබු අප හට නගරයේ විවිධ ආපන ශාලා හා ඒවායේ අහර පාන සම්බන්ධයෙන් යම් වැටහීමක් තිබුණි. කෙසේ නමුදු සැබෑ රෝස් පාන් සොයා වීථි පුරා ඇවිදීමෙන් හෙම්බත් වූ අප අවසානයේ නතර වුයේ වරාය ආසන්නයට වන්නට පරණ තාලයේ ගොඩනැගිල්ලක් තුල පිහිටා තිබුණු සුපිරි වෙළඳ සලක් තුලය. පැත්තකට වන්නට තිබුණු කුඩා බේකරියක්, කූඩ වල දමා අසුරා තිබුණු එළවලු පලතුරු හා තවත් වියලි ආහාර පාන ආදිය හැරුණු කොට රාත්‍රී කෑමකට සරිලන වෙනත් යමක් එහි නොවීය.
එය කෙසේ වුවද පැය කාලක් ගත වන්නට මත්තෙන් අප දෙදෙනා වරාය ජැටියේ ගරාදියට බරදී ගැඹුරු සාකච්ඡාවකය. පසෙකින් කඩදාසි මල්ලක බහා ඇත්තේ පාන් ගෙඩියක්, රෝස් කුකුලෙක් සහ බිර බෝතල් කීපයකි.
මුහුදු රළ කපාගෙන හමා එන සුළගේ අමුතු උණුසුමක් ඇත. යෝධ රන් තලියක හැඩය ගත් බැසයන හිරුගේ රක්ත වර්ණ රශ්මිය වරායේ ඇත පසෙකින් වූ සෙමින් පැද්දෙන යාත්‍රා මත වැදී පරාවර්තනය වීමෙන් අමුතු දර්ශනයක් මැවීපෙනේ. උඩු සුළඟට පොර බදමින් ඉහල අහසේ වේගයෙන් එහා මෙහා පියඹන මුහුදු ලිහිණින් පරිසරයට එක් කොට අත්තේ අමුතුම වූ සුන්දරත්වයකි. ඇත මුහුදේ ඉබි ගමනින් දියඹ කරා ඇදී යන යෝධ නෞකා වලින් මතුවන නලා හඬ විටින් විට ඇසෙයි.
මාගේ මතකයේ හැටියට එය මෙල්බනය ගතවූ එක් සුන්දරම සන්ධ්‍යාවක් විය. ක්‍රිකට්, ගැහැණු ළමයි, පාසල් කාලයේ විනෝදජනක සිදුවීම් ආදිය ගැන කතා කරමින්, ලංකාවේ තාලයට පාන් සහ මස් කා බිර බෝතලයක් බී ලැබූ තෘප්තිය මෙල්බනයේ තරු පහේ හෝටලයක ඉස්තරම් කෑම වේලකින් ගත නොහැක. රේස් අශ්වයන් මෙන් නිරන්තර ඉලක්ක පසුපස හඹා යන අප හට කවදා හෝ ආපසු හැරී ජීවිතය දෙස බලන කල මෙනෙහි කොට සතුටු වන්නට ඉතිරි වනු ඇත්තේ මෙවන් මතකයන් කීපයක් පමණක්ම වනු ඇත...
රෝස් පාන් කෑල්ලක් තිබ්බා නම් හොඳයි කියලා මේක කියවද්දී මගෙ කටටත් කෙළ ඉනුවා!!!
ReplyDeleteඅපි නම් තවම හේමන්තයේ. මුහුදු රළ කපාගෙන එන මෙහෙ සුළඟ ඇඟ හිරිවට්ටන සීතලයි. වැදුනොත් ආවරණය නොවුන තැනක් රිදවන තරමට සුළඟට හමා එන පුංචි වැලි කැටයකට ශක්තියක් තියෙනවා. ඒත් මුහුදු ලිහිණියන් නම් මුහුදු වෙරළ අත්හැරලා ගිහින් නෑ. ග්‍රීෂ්මය එනකම් පිට මැද්දෙ හිස සඟවාගෙන දවසේ වැඩි කාලයක් නිදි!!
අපිට නම් ගෙවෙන්නේ අවුරුද්දේ සුන්දරම මාස කීපය. ගස් වැල් වල මල් පිරිලා, හැමතැනම අමුතුම උද්යෝගිමත් බවක් තියෙන්නේ. මේ ලස්සන ශිත ඍතුව එනවත් එක්කම මැකිලා යන බව දන්න හින්දම ගෙදර ඇතුලට වෙලා ඉන්න හිතෙන්නෙත් නැහැ :)
Deleteකුකුල් මස් හොඳි එක්ක පාන් කන තරම් ජොලියක් කොහෙන්ද ඔය රෝස්ට් චිකන් එක්ක කන කොට?
ReplyDelete'මස් හොදි එක්ක පාන්' එක්ස්පිරියන්ස් එක ගන්න තමයි ට්‍රයි කලේ. අන්තිමට සිද්ද උනේ coles කුකුලෙක් එක්ක $1 පාන් ගෙඩියක් කාල ශේපේ වෙන්න. :P පියර් එක උඩ හොරෙන් 6 පැක් එකකුත් තියාගෙන හිඟන්නෝ දෙන්නෙක් වගේ ඒක කාපු එකෙත් පොඩි fun එකක් තිබුන, :D
Deleteරෝස් පාන් මෙල්බන්වල ගන්ට පුලුවන් කඩ තියනවලුනේ. හැබැයි ඉතින් අනික් පැත්තේ. ඔයා කොයි පැත්තෙද ඉන්නේ කියලා දන්නේ නෑනේ.
ReplyDeleteMAT ලියනවා ලස්සනයි.
Dandi පැත්තේ නම් පාන් හදන බේකරියක් තියෙනව. හැබැයි ඒවා විකුණන කඩයක් city එකේ නම් නැහැ නේද. අපි ඉතින් දුප්පත් western suburbs වල ඉන්න නිසා අපේ පැත්තට තියෙන්නේ එකම එක ලංකාවේ restaurant එකක් විතරයි.:D පොඩ්ඩි, sorry. semester එක පටන් ගත්ත නිසා post එක දැම්මට පස්සේ මේ පැත්තේ ආවේ අද තමයි. ලියනවා ලස්සනයි කිව්වට තැන්ක්ස්. ඔයාල වගේ ප්‍රවීන අය ලියන ඒවා එක්ක බලද්දී නම් මේවායේ මෙලෝ රහක් නැහැ :D
Deleteඒ අනුව, ඔබේ මතකයේ කොටස් කාරයෝ අපි ද වෙනවා....
ReplyDeleteඇත්ත නේන්නම් :)ලිපිය කියෙව්වට නිර්මලාට බොහෝම ස්තුති. :) විභාග වැඩ නිසා reply කරන්න පමා උනාට සමාවෙන්න :D
Deleteසාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවෙ ලංකාවෙ අය කරන ආපනශාලා තියෙනවනේද? මොකද මං දන්න කීපදෙනෙක් කියල තියෙනව ලංකාවෙ කෑම කන්න ආස හිතුනම එයාල ඒ තැන් වලට යනව කියල...
ReplyDeleteඔව් චාම්ස්, තියෙනවා. ලංකාවේ අය වැඩියෙන් ඉන්න පැති වල ආපනශාලා ගොඩක් තියෙනවා. මම ඉන්න පැත්තේ නම් ළඟපාතට තියෙන්නේ එකම එකයි :D උයන්න කම්මැලි හිතුනම ඉතින් පයන්නේ එතනට තමයි :D , sorry late reply එකට.
Deleteyanna lians bakery ekata Dandi.lankan Rospan saha chicken curry thye.
ReplyDeleteCity eke Flinderstreet kittuwa kada 2kma thiyanwa
සිංහල කඩයක්ද? මුස්ලිම් කඩ වලට නම් මම යන්නේ නෑ මෙල්බන් වල හිටියත් :)
Deletecinnamons එක ගැනද මේ කියන්නේ. අපිට නම් එකේ රෝස් පාන් හොයාගන්න බැරි උනා . Italian Bread එහෙම තියෙන වෙන වෙන කඩ තිබ්බට ලංකාවේ restaurant ඔය හරියේ නැහැ නේද. ano2, ඔයා Dubai එහෙම ගියොත් හාමතේ තමා ඉන්නේ වෙන්නේ :D
Deleteඅයියෝ.... අපි සතියක් විතර සිටි එකේ නැවතිලා හිටියෙ ඔය පළවෙනි ඇනෝ කියන හරිය කිට්ටුව.... ඒත් අපිට නම් එහෙම එක තැනක්වත් දැක්කෙ නෑනෙ.... පට්ට බඩගිනි වෙලා එළියට බැස්සම අහුවුනු තැනකින් කෑවා... අන්තිමේ බඩටත් නෑ, හිතටත් නෑ...
Deleteකැම්පස් විභාග ඉවර උනාම දැනෙන ආතල් එක ගැන නම් ඉතින් කියලම වැඩක් නෑනෙ...
ReplyDeleteමෙල්බර්න් මේ ද්වස්වල හොඳටම සීතලයි කියලයි ආරංචිය.... අපට නම් තවම දවල්ට පොඩි රස්නයක් තියෙනවා, රෑටයි පාන්දරටයි සීතල උනාට....
ස්තිතුයි කොමෙන්ටුවට. ශිත කාලේ ධරුනුම හරිය තමයි දැන් ගෙවෙන්නේ. ලංකාවේ තරම් සුව පහසු දේශගුණයක් නම් වෙන කොහෙවත් නැහැ කියල තමයි මටනම් හිතෙන්නේ.
DeleteIncrease your blog stat using >> RED FEED >>
ReplyDelete