විදේශකයක සිට මෙල්බනයට පැමිනෙන්නකු හට නිතර දැක පුරුදු පරිසරයෙන් බැහැර වීමත්, අලුතින් එක් වන වටපිටාවත් නිසා මුහුණ පාන්නට සිදුවන ගැටළු බොහෝමයකි. ශිත සෘතුවේ ධරුනුම භාගයේ මෙල්බන් නුවරට පැමිණි මා හට ඉවසා ගත නොහැකි දැඩි සීතලට වඩා වධ දුන් එක් කාරණාවක් විය. එනම් කිසි ලෙසකින්වත් තේරුම් ගත නොහැකි ඔස්ට්‍රේලියානුවන්ගේ පුදුමාකාර භාෂා විලාශයයි.
අනෙකුත් ජාතිකයනට වඩා වෙනස් ස්වරූපයකින් වචන උඡ්චාරණය කරන ඕස්ට්‍රේලියානුවන් විශේෂ වචන කීපයක් නිරන්තරයෙන් භාවිතා කරයි. මින් වචනයක් යොදා දෙබස ආරම්භ කරන ඔවුන් එම වචනයම නැවත නැවත යොදමින් උස් ස්වරයෙන් කතා බහ කරන්නේ මන්ත්‍රයක් ජප කරන්නාක් මෙනි. මේවායේ අර්ථයන් ගැන අංශු මාත්‍රයක හෝ අවබෝධයක් මා හට නොවූවද ඒ සෑම සියලු වචනයකටම සමානව සිංහලෙන් ශබ්ධ වන යමක් මගේ ශබ්ධකෝෂයේද තිබුණි. මින් මා සිත ගත් එක් වචනයක් වුයේ 'මයිට්' යන්නයි. මෙහි අර්ථය කෙසේ වෙතත් මෙල්බනයට පැමිණ නොබෝ කලකින්ම කතා කරන සෑම වචන තුන හතරකට වරක් 'මයිට්' යයි දමන්නට මමද පුරුදු වීමි.
යේස් මයිට්,
නෝ මයිට්,
හව් ආ යූ මයිට්,
විදේශිකයකුට නිතැතින්ම අමුතු හැඟීමක් ඇති කළද ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නෙකුට මෙය ඉතා සමාන්‍ය දෙයකි. අමුතු ආකාරයකින් ශබ්ධ වුවද, ඕස්ට්‍රේලියාවේ ආරම්භක කොලනි තුලින් බිහිවූ මෙහි අර්ථය නම් අප සියලු දෙන භාවිතා කරන "mate (මිතුරා) " යන්නයි.
ඕස්ට්‍රේලියානුවන්ගේ මෙම විකරරුපි භාෂා විලාශයට රසවත් ආරම්භයක් තිබේ. ඉතිහාස පොත් වලට අනුව ඔස්ට්‍ර්ලියාවේ මුල් පදිංචිකරුවන් වන්නේ බ්‍රිතාන්‍යයේ සිට පිටුවහල් කරනු ලැබූ සොරුන් සහ මංකොල්ල කරුවන් සමුහයකි. 19 වන සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍යයේ ආර්ථික තත්වය කඩා වැටීමත් ඒ හා නැගුනු අපරාධ රැල්ලත් නිසා පිරි ඉතිරි ගිය සිර ගෙවල් වලට අගනා පිලියමක් ලෙස බ්‍රිතාන්‍යයන් දුටුවේ දක්ෂිණාර්ධ ගෝලයේ ඇත කෙළවරක කර්කශ පරිසරයකින් හෙබි විශාල මුඩු බිමක් වූ ඔස්ට්‍රේලියාවයි.පොත පතට අනුව බ්‍රිතාන්‍යයේ සිට ඔස්ට්‍රේලියාවට ප්‍රවාහනය කෙරුණු සිරකරුවන්ගේ සංඛ්‍යාව 150 000 ඉක්මවායන අතර ඉන් තුනෙන් එකක් පමණ සොරුන් වූ අතර මංකොල්ල කරුවන්, මිනීමරුවන් ආදීන් මීට ඇතුලත් විය.
http://home.iprimus.com.au/foo7/wd.jpg |
අයලන්ත, ස්කොට්ලන්ත සහ එංගලන්ත ජතිකයන්ගේ එකිනෙකට පරස්පර භාෂා විලාශයන් නිතර කණ ගැටුණු, කර්කශ වික්ටෝරියාවේ හා නිව් සවුත් වේල්සයේ තැන තැන බිහිවූ මුල් සංක්‍රමණික කොළණි තුලින් අමුතුම භාෂාවක් උපත ලැබිය. ඒ ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසියයි.
සොර මැර මංකොල්ල කරුවන්ගෙන් ආරම්භ වූ මෙම වෙනස් භාෂා විලාශය ගැන මුල් යුගයේ ඕස්ට්‍රේලියානුවන් තුල ආඩම්බරයක් තිබු බවක් නම් නොපෙනේ. 70 දශකය වන තුරුම ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ABC ආයතනයේ සඳහා ප්‍රවෘත්ති කියවන්නන් බ්‍රිතාන්යෙයෙන් ගෙන්වනු ලැබුයේ ඒ නිසා විය යුතුය.෴
සිත් ගන්නා ප්‍රයෝජනවත් ලිපියකි.
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට. අයෙත් මේ පැත්තේ ඇවිල්ල යන්න. :)
Deletemate=මචං
ReplyDeletehehe, you got it mate :D කකා ලංකාවේ තියෙන ප්‍රසිද්ධම blog එක ලියන ගමන් අපි ලියන හැම ලිපියම කියවන්න වෙලාව හොයාගන්න හැටි නම් පුදුමයි,
Deleteඅදයි ආවේ..දිගටම ලියන්න මිස්සක...
ReplyDeleteස්තුති ආවට, වෙලාව තියෙන හැටියට හිමින් හිමින් තව ලියන්න තමයි හිතාන ඉන්නේ :)
Deleteමිස්සක...ඔයා කියලා තියෙනවා මුලින්ම මෙහේ ආවාම දැනුනු සීතල ගැන. මට හැමදාම හිතෙන දෙයක් තමා මුලින්ම මෙහෙ ආපු ඔයා කියන ඔය හොරු, මංකොල්ලකාරයෝ මේ පරිසරය එක්ක ඔට්ටු අල්ලලා අද තියෙන ඔස්ට්‍රේලියාව මේ තත්වයට ගේන්ට කොච්චර නම් වද විදින්ට ඇද්ද කියලා. එහෙම නොවුනානම් මේ රටත් නොදියුණු අප්‍රිකාවක් වෙන්ට ඉඩ තිබුනා කියලා හිතෙනවා. එහෙම නොවූනානම්, අද අපි මෙහේ නොඉන්ටත් ඉඩ තිබුනා...
ReplyDeleteඔයාගේ ලිපි රසවත් වෙන්නේ නිතරම රට ගැන ඔයා සිත්ගත් යමක් ගැන සටහන් කරන නිසා....
nice post mate ...:D
එහෙමද නැත්නම් මෙහෙ winter එක UK වල summer එක වගේ කියල හිතුවද දන්නෙත් නැහැ. :D thanks mate! thanks for dropping by :D
Deleteඑහෙනම් ඒකයි ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න ලංකාවෙ අයත් මෙහාට ආවට පස්සෙත් හැමවෙලාවෙම ඔය mate කියන වචනෙ පාවිච්චි කරන්නෙ :D
ReplyDeletehehe, එහනම් එක තමයි හේතුව, ස්තුති ආවට මේ පැත්තේ :D
Deleteඅදමයි ආවේ මයිට්. කවදාවත් ඕට්ටේලියාව පය නොගහපු මම මේකට ඌණ පූර්න එකතු කරන්න ගියොත් ආපු ආපු ගමන්ම පුදනකොටම කාපි යකා කියලා උඹ හිතන්න පුලුවන් නිසා හායි මයිට් කියලා මම යනවා. :D
ReplyDeleteඅපුරුයි මයිට්
ReplyDeleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
දැං ඔය අපේ රටෙං බෝට්ටු, ඔරු , පාරු, ටියුබ්, තාච්චි ආදී පාවෙන්න පුලුවං මොකක් හරි එකක නැගල එන අයගෙ බාසාවත් ඔය වගේම එක්කහු වෙයි.
ReplyDeleteIncrease your blog stat using >> RED FEED >>
ReplyDelete
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .