ජීවිතයේ ප්‍රථම වතාවට මෙල්බන් නගරයට රාත්‍රීයේ පැමිණි මමත් මාගේ මිතුරාත් භූගත මෙල්බන් සෙන්ට්‍රල් දුම්රිය පොලේ හුදකලා අසුනක අසුන්ගෙන සිටියිසිටියෙමු. ඊළඟ දුම්රියට තවත් මිනිත්තු විස්සක් පමණ ඇති හෙයින් දුම්රිය වේදිකාවේ ඉතිරිව ඇත්තේ අප දෙදෙනාත් වේදිකාවේ එහා අන්තයේ අසුන්ගෙන සිටින සුදු ජාතකයන් දෙදෙනකුද පමණි. නොනවත්වා දිවෙන එස්කෑලේටරයේ ශබ්ධය හැරෙන්නට කිසිවක් නොඇසේ.
එතෙක් නිහඩවසිටි මිතුරා කටහඬ අවදි කළේය.
"මචෝ welcome to Melbourne city."
සෙමෙන් නැගිටගත් අපි දුම්රිය පොලෙන් ඉවතට යාමට සැරසුනෙමු. එස්කලේටරයෙන් ඉහලට ගිය අප අවතීර්ණ වුයේ භුගත සාප්පු සංකීර්ණයකටයි. රාත්‍රී කාලය බැවින් බොහෝ කඩ සාප්පු දැනටමත් වසා ඇත. වීදුරුවෙන් තනා ගෝලාකාරව නිමවා ඇති වහලය අහස උසට විහිදී යයි. අඳුර වැටි එකින් දෙක පායාගෙන එමින් තිබු තාරකා දුටු මට ක්ෂනිකයෙන්ම මතක් වුයේ කුඩා කාලයේදී ග්‍රහලෝකාගාරය බැලීමට ගිය චාරිකාවයි.
මෙහි භූගතව ඉදිවුණු චිත්‍රපට ශාලාවක්, කාය වර්ධන මධ්‍යස්ථානයක් අදී වූ විවිධ දෑ දක්නට ලැබෙයි. පසෙකින් එල්ලා ඇති විශාල ඔරලෝසුවේ රාත්‍රී නමය සටහන් කළේය. මාර්ගයට පිවිසීමට තවත් එස්කලේටර දෙකකින් ඉහලට නැගිය යුතුය. උමං මාර්ගය හරහා එලියට පැමිණෙන්නන් අවතීර්ණ වන්නේ ස්වොන්ස්ටන් වීදියටයි.එහි සිට බලන්නකුට දුම්රිය පොලේ සේයාවක්වකදු සොයාගත නොහැක. මාර්ගය දෙපස විදුලි බුබුළු වලින් ආලෝකමත් කොට ඇත. එකක් පිටුපස එකක් පැමිණෙන ට්‍රැම් සීනු හඬ නඟමින් ඇදී යයි. මාර්ගයේ අනෙක් පසින් වික්ටෝරියා ජනපද පුස්තකාලය අහස වසාගෙන නැගී සිටි.
මාර්ගය දිගේ පහලට ගිය අපි තවත් වීදී කීපයකින් හැරී ගමන් කරන්නට වීමු. ඇතැම් තැන් වල මාර්ගයෙන් ඇතුලට විහිදුනු, ගල් ඇතිරූ අඳුරු අතුරු විදි දක්නට ලැබෙයි. පළල මීටරයක් පමණ වන මෙවායේ ඇතැම් තැන් වල ආලෝකයෙන් පිරි කුඩා අවන්හලය. එවැනි තැන පසු කර යන අප දුටුවී සංගීත නාදයත් , ප්‍රනීත ආහාර පාන වල සුවන්දිනුත් නැහැවුණු මේවා තුල මත්පැන් බොමින් සතුටින් කතා බහේ දී සිටින මිනිසුන්ගේ හඬයි.
http://www.theage.com.au/ffximage/2007/09/29/rgid_laneway_wideweb__470x268,0.jpg |
එතෙක් නිහඬව සිටි මිතුරා නැවතත් කටහඬ අවදි කරයි.
"මේ තමයි china town."
http://www.exploreaustralia.net.au/images/content/rec/41/20673-1000x800.jpg |
China Town යනු මෙල්බනයේ පිහිටි චීන ජතිකයන්ගෙන් පිරි විදීයකි. චීන කෑම බිම, රෙදි පිලි ආදී ඕනෑම දෙයක් මෙහිද දක්නට අත. මෙල්බන් නගරය මධ්‍යයේ මෙවන් ස්ථානයක් පවතින්නේ කෙසේදැයි යන්න පවා පුදුම සහගතය.
තවත් මද වෙලාවක් විවිධ විදි ඔස්සේ ඇවිදි ගිය අපි අවසානයේ නිවසට පැමිණෙන විට මැදියම් රාත්රියද පසුවී තිබිණි.
වෙහෙසින් පිරි දිනකට සමු දෙමින් මා නින්දට යාමට සැරසුනෙමි. බිත්තියේ ඔරලෝසුවේ රාත්‍රී 1.00 සටහන් වෙයි. සීතලෙන් ගැලවෙන්නට පොරවනය තුලට රිංගාගත් මා ජනේලයෙන් ඉවත බැලුවෙමි.හිස් අහසේ තැනින් තැන තාරකාවන් සෙමෙන් බැබලෙයි . මේ වන විට තවමත් ලංකාවේ වෙලාව 8.30 පසුවී නොමැත. අම්මා කුස්සියේ උයනවා විය යුතුය. තාත්තා බොහෝ විට ඉස්තෝප්පුවට වී පොතක් කියවයි. නංගීගේ සිනාසෙන කට හඬින් නිවස පිරී තිබෙනවා ඇත.මා හැමදාම හිඳින්නට පුරුදුව සිටි පුටුව හිස්ව ඇතිවාට සැක නැත. එය සුන්දර වූ අතීතයකි... එහෙත් ඒ සුන්දර අතීතයට කිසිදා නැවත යන්නට නොලැබෙන බව මා දනිමි.
අමරිකන් ෆිල්ම් වලත් තියෙනවා චයින ටවුන එකක්..මං හිතන්නෙ ඒවා තියෙන්නෙ නිව්යෝක් වල වෙන්න ඇති..
ReplyDeleteඔව් New York waka තියෙන්නේ මම දන්න තරමින් උත්තර අර්ධ ගෝලයේ විශාලම chinatown එක. ලෝකේ හැම විශාල නගරයකම වගේ chinatown එකක් තියෙනවා. ස්තිතුයි ආවට,
ReplyDeleteමටත් මෙල්බර්න් වල ඉදපු සති 4ක කාලය මතක් උනා....
ReplyDeleteලියමු ලියමු දිගටම....
බොහෝම ස්තුතියි. හිමින් හිමින් හරි හරියට ලියල ලිපි පෙළක් ඉදිරිපත් කරන්නයි අසාවෙන් ඉන්නේ. වැරදි අඩුපාඩු පෙන්වා දීල අපිව දිරිමත් කරනවාට ස්තුතියි.
Deleteචයිනා ටවුන් වලින් කන්න ඕන හදිසියකටවත් එතැන වැසිකිළියකට යන්නෙ නැතුව ඉන්න බලාගෙන.... කාලා ඉවරවෙලා ගියොත් හෙම කාපුවාත් ආපහු දීලම තමා එන්න වෙන්නෙ.... හාපෝ..... :(
ReplyDelete:D එකනම් ඇත්ත
Deleteහ්ම්ම් අපුරු පුංචි සවාරියක් ගියා වගේ
ReplyDelete